ජනාධිපතිවරයා අනුරාධපුර පුදබිමේ ආගමික වතාවත්වල
Sunday, 03 May 2020 - 13:38 | Views - 852
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලට එක්වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි.

අනතුරුව රටට සහ ජනතාවට සෙත් පතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වතාවත්වලට ජනාධිපතිවරයා එක්ව තිබෙනවා.

රුවන්වැල් මහ සෑ රදුන් අභියස අද උදෑසන පැවති කිරි ආහාර පූජාවට ද ජනාධිපතිවරයා එක්වී ඇති අතර එහිදී විශේෂ සෙත් පිරිත් සජ්ජායනාවක් ද පැවැත්වුනා.

පසුව රුවන්වැලි සෑය විහාරාධිපති පූජය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරක ද නිරතවී තිබෙනවා.

මිරිසවැටිය රජමහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිිමියන් ද බැහැදුටු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා උන්වහන්සේ දැනුවත් කර තිබෙනවා.

එම වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශීර්වාදය පළකරන බවයි මිරිසවැටිය විහාරාධිපති හිමියන් කියාසිටියේ.

අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගත්තා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top