ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ නිර්නායක ඉදිරි සතියේ
Sunday, 03 May 2020 - 12:44 | Views - 1,537

එළඹෙන 11 වන දින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට කටයුතු සූදානම් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල විශේෂඥ උපදෙස් මත පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද මාර්ගෝපදේශනයක් ඉල්ලා ලිපියක් යොමුකර ඇති බවයි.
අදාළ කරුණු සම්බන්ධයෙන් ඊයේ දිනයේ විෂය භාර අමාත්‍යාංශය, සෞඛ්‍ය අංශ සහ ප්‍රවාහන අංශ භාර නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් සිදුකර ඇති අතර, එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය අංශවල උපදෙස් මත මගීන් ප්‍රවාහනය කිරීම පාඩු බවට පෞද්ගලික බස් රථ හිමියන් සිදුකළ ප්‍රකාශය සහ ඒ වෙනුවෙන් ඔවුන් ඉල්ලුම් කර තිබූ සහනාධාර පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටී ඇති මෙවන් අවස්ථාවක මාසයක් වැනි කෙටි කාලයකට පමණක් ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කළ හැකි බවයි.
එමෙන්ම එලෙස නොවන්නේ නම් බොහෝ පෞද්ගලික බස් රථ, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් කඩ කිරීමට ඉඩ ඇති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් අදාළ ඉල්ලීම් සාදාරණ වුවද මෙම අවස්ථාවේ රජයට තවදුරටත් සහන ලබාදීම සිදුකළ නොහැකි බවට විෂය භාර අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ ප්‍රවාහන අංශ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.
රජයට ඇති ආදායම් මාර්ග සියල්ල මේ වනවිට අවහිර වී තිබීම ඊට හේතුව ලෙස අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති බව සඳහන්.
මේ අතර දුම්රිය සහ ලංගම අතර ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව දුම්රිය ධාවනය වන අවස්ථාවලදී දුම්රියට පැමිණෙන සහ ඉන් පිටවන මගී ජනතාවට මහා මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදුකරගැනීමට අවශ්‍ය බස් රථ යෙදවීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත්තේ.
Share This Article