මහර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීම පිළිබඳ විමර්ශනයක්
Sunday, 03 May 2020 - 11:19 | Views - 552
මහර බන්ධනාගාරයෙන් රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය පිළිබඳ බන්ධනාගාර බුද්ධි අංශ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ මෙම සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි.

රැඳවියන් හත්දෙනෙකු මහර බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පලායාමට උත්සාහ කිරීමේදී එක් අයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වුනා.

අනෙක් රැඳවියන් හයදෙනා සිය භාරයට ගනු ලැබූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මෙහිදී මියගොස් ඇත්තේ 38 හැවිරිදි රැඳවියෙක්.

කඹයක් ආධාරයෙන් පලායාමට උත්සාහ කළ මෙම සැකකරුවන් පිරිස මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top