කළගුණ සලකමින්, තමන් සුවපත් කළ වෛද්‍යවරුන්ගේ නම්, අලුත උපන් දරුවාට යෙදූ බ්‍රිතාන්‍ය අගමැතිවරයා
Sunday, 03 May 2020 - 10:38 | Views - 3,140
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, තමන් රෝහල්ගතව සිටියදී රට තුළ වෛරසය මැඩපැවැත්වීම සඳහා හදිසි සැළසුම් සකස් කළ බව ප්‍රකාශ කළා.

එමෙන්ම තමාගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා ඔක්සිජන් විශාල ප්‍රමාණයක් ලබාදුන් බව ද ඔහු අනාවරණ කළා.
 
සතියකට වැඩි කාලයක් ලන්ඩනයේ තේම්ස් රෝහලේ ගත කළ අගමැති බොරිස් ජොන්සන් දින තුනක් එහි දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටියා.
 
එහිදී ඉන් ඉවත්වන්නේ කවදාද යන්න පිළිබඳව නිරන්තරයෙන් තමාගෙන්ම ප්‍රශ්න කළ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියා සිටියා.
 
අගමැති බොරිස් ජොන්සන්ගේ සහකාරිය වන කැරී සිමන්ඩ්ස් පසුගිය අප්‍රේල් 29 වනදා පිරිමි දරුවෙකු බිහිකළ අතර, ඔහු නම් කර ඇත්තේ විල්ෆ්‍රඩ් ලෝරි නිකලස් ජොන්සන් ලෙසයි.
 
එම නම යෙදීමේදී අගමැති බොරිස් ජොන්සන් සිය මුත්තනුවන්ගේ මෙන්ම තමාට වැළඳුණු කොරෝනා වෛරස් රෝගයට රෝහලේදි ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම්ද යොදාගැනීම විශේෂත්වයක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top