කොරෝනා වෛරස් ගෝලීය වසංගතය 2022 වනතුරු පවතින බවට මතයක්
Sunday, 03 May 2020 - 10:07 | Views - 873
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය වසර 2022 තෙක් පැවතිය හැකි අතර, ලෝක ජනගහණයෙන් බහුතරයක් ඊට ප්‍රතිශක්තිය ගොඩනගන තෙක් පාලනය කිරීම දුෂ්කර වනු ඇති බව ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් පවසනවා.
මිනසෝටා සරසවියේ බෝවන රෝග පර්යේෂණ සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ පර්යේෂකයන් සඳහන් කළේ කොරෝනා වෛරස් වසංගතය මාස 18ක සිට මාස 24ක කාලයක් දක්වා පැවතිය හැකි බවයි.
එම කාලය තුළ මිනිස් ජනගහණය අතර වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ක්‍රමයෙන් ගොඩ නැගෙනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
දීර්ඝ බීජෞෂණ සමයක් පැවතීම සහ රෝග ලක්ෂණ රහිතව පැතිරීමේ හැකියාව හේතුවෙන් කොරෝනා වෛරසය, ප්‍රතිශෂ්‍යාවට වඩා වේගවත්ව පැතිරීම දැකිය හැකියි.
එමෙන්ම, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට නම් ලෝක ජනගහණයෙන් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයක් ඊට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගිය යුතුයි.
මේ නිසා සාර්ථක එන්නතක් නොමැතිව කොවිඩ් 19 වෛරසය වසර දෙකක් පමණ ගතවනතුරු මුළුමනින් පාලනය කිරීම දුෂ්කර වනු ඇති බව මිනසෝටා පර්යේෂකයන්ගේ මතය වී තිබෙනවා.
Share This Article