කිම් ජොන් අන් ප්‍රසිද්ධියේ පෙනී සිට දිනකට පසු උතුර - දකුණ අතර වෙඩි හුවමාරුවක්
Sunday, 03 May 2020 - 10:05 | Views - 1,494
උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් කරන දෙරටේ හමුදා රැඳී සිටින ආරක්ෂක කලාපය තුළ වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උතුරු කොරියාවෙන් දකුණු කොරියාවේ ආරක්ෂක මුරපොලකට වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් දකුණු කොරියානු සොල්දාදුවන් ආපසු වෙඩි තැබූ බවත් එම වාර්තාවල සඳහන්.
උතුර කොරියාව පාර්ශවයෙන් වෙඩි තැබුවේ ඇයිද යන්න තවමත් පැහැදිලි වී නැහැ.
වෙඩි හුවමාරුව සිදු වූයේ සති තුනකින් රටේ නායක කිම් ජොන් අන් විසින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම උතුරු කොරියාව විසින් වාර්තා කිරීමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.
Share This Article