ලොවම ආන්දෝලනයට පත් කළ, ඒකාධිපතියාගේ නැවත පැමිණීම - කිම් ජොන්ගේ අන්තර්ජාලය කැළඹූ ඡායාරූප ගැන, ලෝක බලවතා කියපු දේ
ලොවම ආන්දෝලනයට පත් කරමින් දින 20ක කාලයක් ජනතා ඇසින් ඉවත්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවතත් ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය පසුගියදා (සිකුරාදා) නිවේදනය කළා.
උතුරු කොරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවාව ප්‍රකාශ කළේ කිම් ජොං අන් පොහොර කම්හලක් විවෘත කිරීම සඳහා පීත්ත පටියක් කපමින් එක්වූ බවයි.
මේ අතර කිම් ජොන්ගේ නැවත පැමිණීම ගැන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සතුට පළ කර තිබෙනවා.
ඒ සිය ට්විටර් ගිණූමේ සටහනක් තබමින්.
"ඔහු නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා.." යැයි ඔහු එහි සඳහන් කර තිබෙනවා.
එමෙන්ම කිම් ජොන්ගේ නවතම ඡායාරූප කිහිපයද ඊට එක් කරන්නට ඔහු අමතක කර නැහැ.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ගැටළු මතුවන බව ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් ඊයේ දිනයේ වාර්තා කර තිබුණා.
ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් නිශ්චිත සඳහනක් තවමත් සිදුකර නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.
ලෝකයේ හිතුවක්කාරම ඒකාධිපතියෙකු ලෙසින් හඳුනා ගැනෙන කිම් ජොන්, පසුගිය දින කිහිපයේ අස්ථානගතවීම ලෝකයෙම අවධානය යොමුවූ පුවතක් වූ අතර බොහෝ මාධ්‍ය සඳහන් කර තිබුණේ ඔහු මිය ගොස් ඇති බවයි.
මේ හේතුව නිසාම කිම් ජොන්ව සෙවීමට ඇමරිකාවෙනුත් ඔත්තු ගුවන් යානා පහක් යොදවා තිබුණා.
ඇතැම් පිරිස් කියා තිබුණේ, කොරෝනාවලට බයෙන් ඒකාධිපතියා සැඟවී සිටින බවයි.
කෙසේ නමුත්, ට්‍රම්ප් මුල සිටම, කිම්ජොන් ජීවතුන් අතර සිටින බවත්, තමන්ට එය සියයට සියයක් විශ්වාස බවත් මාධ්‍ය හමුවේ කියා තිබුණා.
Dailymail ඇසුරිනි.
