COVID-19 නිසා ඉදිරි මාසවලදී අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් වෙනවාලූ - UNFPA විශ්ලේෂකයින් කළ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව
Sunday, 03 May 2020 - 9:05 | Views - 3,087
COVID-19 හෙවත් නව කොරෝනා වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ ඉදිරි මාසවලදී අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 7ක් පමණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) හෙළි කරනවා.
නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිරීම තුළ නගර අගුළු දැමීම හෙවත් Lockdown කිරීම මීට ආසන්නතම හේතුව බවයි එම විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ ආශ්‍රිතව ගෘහස්ථ හිංසනයට, ප්රචණ්ඩත්වයටද ලොව පුරා කාන්තාවන් මුහුණ දෙන බව වාර්තා වනවා. lockdown කිරීමක් තුළ නිවසේම රැඳී සිටින කාන්තාවන් බොහෝ දෙනෙකුට තම සැමියාගේ තාඩන පීඩන වලට ලක් වන්නට සිදුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
පවුල් සැලසුම් නිසි ආකාරයෙන් සිදු නොවීම හේතුවෙන් මෙම තත්ත්වයන් තුළ අනපේක්ෂිත ගැබ් ගැනීම් සිදුවිය හැකි බවටයි ජනගහන අරමුදල, සිය විශ්ලේෂණ වාර්තා මඟින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන ළමා විවාහ ගැන ද ඔවුන් අවධානය යොමු කර තිබෙනවා.
කොරෝනා ලොවක් අත්පත් කරගත් මොහොතක වසර 10ක් තුළ ළමා විවාහ මිලියන 13ක් පමණ සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.
Share This Article