කොහාගේ හඬ මැයි මාසයේ තියුණු වෙයි
Sunday, 03 May 2020 - 8:48 | Views - 952
මෙවර සිංහල - දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ කොහාගේ හඬ අවම වශයෙන් අසන්නට ලැබුණු අතර වෙසක් මාසය තුළ කොහාගේ හඬ වැඩි වශයෙන් අසන්නට හැකියාව ලැබෙනු ඇතැයි පරිසරවේදීන් පවසනවා.

ඊට හේතුව අප්‍රේල් මාසය තුළ කපුටන් කූඩු සෑදීම අවම අවම වීම බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ.

කපුටන්ගේ කූඩු තුළ කොහා තම බිත්තර දැමීම සිදුකරන අතර, එලෙස බිත්තර දැමීම සහ ප්‍රජනනය සිදුකරන කාලය තුලදී කොහා වැඩි වශයෙන් හඬලනු ලබනවා.

ඒ අනුව, මෙවර අප්‍රේල් මාසයේ කපුටන්ගේ කූඩු සෑදීම අවම වීම හේතුවෙන් කොහාගේ ප්‍රජනන ක්‍රියාවලිය ද අවම වී ඇති බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම, මැයි මාසය තුළ කපුටන් වැඩි වශයෙන් කූඩු සාදනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ඔහු ඒ හේතුවෙන් කොහා වැඩි වශයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සහ බිත්තර දැමීම සිදු කරනු ඇති බවටද විශ්වාසය පළ කළා.

එසේ වුවහොත් අප්‍රේල් මාසයට වඩා එළඹෙන මැයි මාසය තුල කොහාගේ හඬ වැඩි වශයෙන් අසන්නට ලැබෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top