කොහාගේ හඬ මැයි මාසයේ තියුණු වෙයි
Sunday, 03 May 2020 - 8:48 | Views - 953
මෙවර සිංහල - දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ කොහාගේ හඬ අවම වශයෙන් අසන්නට ලැබුණු අතර වෙසක් මාසය තුළ කොහාගේ හඬ වැඩි වශයෙන් අසන්නට හැකියාව ලැබෙනු ඇතැයි පරිසරවේදීන් පවසනවා.
ඊට හේතුව අප්‍රේල් මාසය තුළ කපුටන් කූඩු සෑදීම අවම අවම වීම බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ.
කපුටන්ගේ කූඩු තුළ කොහා තම බිත්තර දැමීම සිදුකරන අතර, එලෙස බිත්තර දැමීම සහ ප්‍රජනනය සිදුකරන කාලය තුලදී කොහා වැඩි වශයෙන් හඬලනු ලබනවා.
ඒ අනුව, මෙවර අප්‍රේල් මාසයේ කපුටන්ගේ කූඩු සෑදීම අවම වීම හේතුවෙන් කොහාගේ ප්‍රජනන ක්‍රියාවලිය ද අවම වී ඇති බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම, මැයි මාසය තුළ කපුටන් වැඩි වශයෙන් කූඩු සාදනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ ඔහු ඒ හේතුවෙන් කොහා වැඩි වශයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සහ බිත්තර දැමීම සිදු කරනු ඇති බවටද විශ්වාසය පළ කළා.
එසේ වුවහොත් අප්‍රේල් මාසයට වඩා එළඹෙන මැයි මාසය තුල කොහාගේ හඬ වැඩි වශයෙන් අසන්නට ලැබෙනු ඇති.
Share This Article