වැලිසර නාවික කඳවුරේ පී.සී.ආර්. පරීක්ෂණ අවසන් අදියරේ
Sunday, 03 May 2020 - 8:43 | Views - 1,021
වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින්ගේ කොරෝනා වෛරස් පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගැනීම අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් ඔහු කියා සිටියේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ දිනයේදී වාර්තාවූ ආසාදිතයින් 15 දෙනාම නාවික හමුදාවට සම්බන්ධ පුද්ගලයින් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article