2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්රීවරුත් අගමැති සමඟ හෙට සාකච්ඡාවට
Sunday, 03 May 2020 - 8:33 | Views - 572
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා 2015 ට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්රීවරුන්ද සහභාගිවීමට නියමිතව තිබෙනවා.
ඒ, ඔවුන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේ අතර, හෙට පැවැත්වීමට නියමිත එම රැස්වීමට විපක්ෂය නියෝජනය කරන පාර්ශව කිහිපයක් සහභාගී නොවීමට තීරණය කර ඇති අතර, විපක්ෂයේ තවත් කණ්ඩායම් කිහිපයක් සහභාගිවීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගි වන අතර, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට සහභාගි වන්නේ නැහැ.
Share This Article