දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Sunday, 03 May 2020 - 7:33 | Views - 776
බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගොමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වල පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී තරමක් වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article