ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 705ක් දක්වා ඉහළට
Sunday, 03 May 2020 - 7:27 | Views - 947
තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 705ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනය තුල පමණක් වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 15ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

ඊයේ හමුවූ ආසාදිතයන්ගෙන් 10 දෙනෙකු නිවාඩු ලබාගොස් නැවත පැමිණි නාවික හමුදා සාමාජිකයන් බවට අනාවරණ වී තිබෙනවා.

තවත් තුන්දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සාමාජිකයන්.

අනෙක් පුද්ගලයන් නාවික හමුදා සෙබළුන්ගේ සමීපතමයන් වන අතර ඔවුන් මිහින්තලේ මෙත්සිරි සෙවන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.

මේවන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 526ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ප්‍රතිකාරවලින් අනතුරුව 172ක් සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7ක්.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගියා.

යූ.එල්. 503 දරණ මෙම විශේෂ ගුවන් යානය අද අලූයම 4.40 ට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල බලා පිටත්ව ගිය අතර, එමඟින් ශ්‍රී ලාංකික සිසුන් 250 දෙනෙකු පමණ දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තාවනවා.

කොරෝනා වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විශේෂ ගුවන් ගමන්වාර කිහිපයක් මෙලෙස ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සැළසුම් කර ඇත්තේ.

ඒ අනුව, එංගලන්තයේ ලන්ඩන් නුවර වෙත අද දිනයට අමතරව හෙට සහ අනිද්දා දිනවලදී ද විශේෂ ගුවන් යානා යොදවනු ලබනවා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙත මේ මස 8 වනදා, ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top