ඇඳිරි නීතිය කැඩූ 44,000ක් අත්අඩංගුවට - කොළඹ සිරවී සිටි පිිරිසකුත් නිවෙස්වලට
Saturday, 02 May 2020 - 20:15 | Views - 635
මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 44,000ක්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගැණුනු වාහන සංඛ්‍යාව 11,460ක්.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සොයා සති අන්තයේ ද දිවයින පුරා අඛන්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

මේ අතර, පසුගිය මාර්තු 20 වනදා සිට වරින් වර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තම නිවෙස්වලට යාමට නොහැකිව රැදී සිටි පුද්ගලයින් 370 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.

ඒ පොලීසියේ මැදිහත් වීමෙන්. එම පිරිසට ගැබිණි කාන්තාවන්, දීර්ඝ කාලීන රෝගීන් සහ කුඩා දරුවන් ඇතුළත්.

පෑලියගොඩ - විජයකුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට දිස්ත්‍රික්ක 23ක පුද්ගලයින් මෙලෙස පිටත් කර හරිනු ලැබුවේ ශ්‍රී ලංගම බස් රථ මගින්.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top