ඇඳිරි නීතිය කැඩූ 44,000ක් අත්අඩංගුවට - කොළඹ සිරවී සිටි පිිරිසකුත් නිවෙස්වලට
Saturday, 02 May 2020 - 20:15 | Views - 636
මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 44,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගැණුනු වාහන සංඛ්‍යාව 11,460ක්.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සොයා සති අන්තයේ ද දිවයින පුරා අඛන්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මේ අතර, පසුගිය මාර්තු 20 වනදා සිට වරින් වර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තම නිවෙස්වලට යාමට නොහැකිව රැදී සිටි පුද්ගලයින් 370 දෙනෙකු අද ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබුවා.
ඒ පොලීසියේ මැදිහත් වීමෙන්. එම පිරිසට ගැබිණි කාන්තාවන්, දීර්ඝ කාලීන රෝගීන් සහ කුඩා දරුවන් ඇතුළත්.
පෑලියගොඩ - විජයකුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට දිස්ත්‍රික්ක 23ක පුද්ගලයින් මෙලෙස පිටත් කර හරිනු ලැබුවේ ශ්‍රී ලංගම බස් රථ මගින්.
මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.
Share This Article