කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව ඉබෝලා ඖෂධයක පිහිට පතයි
Saturday, 02 May 2020 - 20:09 | Views - 801
මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස්හතර ලක්ෂ 22,480ක් වාර්තා වනවා.
මරණ සංඛ්‍යාව 239,920ක්.
එසේම ආසාදිතයන් 1,089,000 කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇමරිකාවේ නව කොරෝනා මරණ 29ක් අද වාර්තා වූ අතර එරට මරණ සංඛ්‍යාව 65,782ක් ලෙස සටහන් වනවා.
ආසාදිතයන් සංඛ්‍යාව 1,131,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉබෝලා වෛරසයට සාර්ථකත්වයක් පෙන්නුම් කළ රෙම්ඩෙසිවර් නමැති ප්‍රති වෛරස එන්නත කොරෝනා ආසාදිතයන් සඳහා භාවිතයට ගැනීමට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ හදිසි අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article