සුවය ලැබූ ජා-ඇල ආසාදිතයෙකුට යළි කොරෝනා වැළදී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි
Saturday, 02 May 2020 - 18:49 | Views - 691
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබා පැමිණි පුද්ගලයෙකු යළිත් වරක් ආසාදිතයෙකු බවට පත්වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ජා-ඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ජා-ඇල - කපාල කන්ද පාරේ පදිංචි 64 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය මාර්තු මාසයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු අයි.ඩී.එච්.රෝහලට ඇතුළත් කර තිබූ බවයි.

මාසයක කාලයක් එහි ප්‍රතිකාර ලබා ඔහු පසුගිය මස 17 වනදා යළි නිවස වෙත පැමිණ ඇති බව ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.

නිවසට පැමිණීමෙන් පසු ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටි මොහු පසුගිය මස 30 වනදා පපුවේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මෙම පුද්ගලයාට යළිත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ප්‍රකාශ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවේ පසුව රෝගියා යළිත් අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකරනු ලැබූ බවයි.

මෙම පුද්ගලයාට මීට පෙර වකුගඩු සැත්කමක් සිදුකර ඇති අතර ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලෙන බවට අනාවරණ වී ඇතැයි ද ජා-ඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top