අද දිනයේ මෙතෙක් කිසිදු නව ආසාදිතයෙක් වාර්තා වී නැහැ
Saturday, 02 May 2020 - 18:45 | Views - 714
අද දිනයේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් කිසිදු නව කොරෝනා වෛරස් ආසාදිතයෙක් වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 690ක්.
හඳූනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 511ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 172ක් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 7ක්.
Share This Article