K.G.F: Chapter 2 තිරගත වීමට නියමිතව තියෙද්දි, කවුරුත් දන්න සුපිරි නළු යශ්, සිය ට්විටර් ගිණුමෙහි තැබු සටහන
නවීන් කුමාර්, කියන නම අපි කාටවත් පුරුදු නමක් නෙවෙයි. නමුත් යශ් කිව්වොත් හැමෝම දන්නවා. මේ කියන්න යන්නේ ඔහුගේ අලුත්ම තොරතුරක්.
ශ්‍රී ලංකාව තුළ යශ් කියන නම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ K.G.F: Chapter 1 චිත්‍රපටිය හරහායි.
මේ අවුරුද්දේ, ඔක්තෝබර් මාසේදී K.G.F: Chapter 2 තිරගත කිරීමට නියමිතව තිබුණා.
නමුත් කොරෝනා ව්‍යාප්තියත් එක්ක, ඉන්දියාව ඇතුළු රටවල් බොහෝමයක් වසාදමා ඇති අවස්ථාවක නියමිත දිනයට චිත්‍රපටිය තිරගත කරන්න පුළුවන් වෙයි ද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා කියලයි ඉන්දිය සිනමා වාර්තා නම් කියන්නේ.
ඉතිං අපි අද යශ් ගැන කියන්න හිතුවේ, එයාගේ දෙවන දරුවාගේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක් කිරීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඔහු සම්බන්ධයෙන් නැවතත් කතා බහක් නිර්මාණය වුණා.
තම දරුවාට ඔබේ ආදරය හා ආශීර්වාදය ලබා දෙන ලෙසයි එමගින් ඔහු ඉල්ලීමක් කළේ.




