පිිලිපීනයේ කොරෝනා මරණ 600 ඉක්මවයි
Saturday, 02 May 2020 - 15:35 | Views - 626
පිලිපීනයෙන්් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 603 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනයේදී එරටින් කොරෝනා ආසාදිතයින් 156 දෙනෙකු සහ මරණ 24ක් වාර්තා වී ඇති බවයි.
පිලිපීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8928ක් වන අතර, සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 1124ක්.
මේ අතර, සිංගප්පූරුවෙන් ද අද දිනයේදී නව කොරෝනා ආසාදිතයින් 447 දෙනෙකු හමුවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,548 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරටින් වාර්තා වන නව ආසාදිතයින්ගෙන් බහුතරය සංක්‍රමණික ශ්‍රමිකයින් බවයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 3,413,169 දෙනෙකු වාර්තා වන අතර, මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 239,711 ක්.
Share This Article