මැතිවරණ කොමිසම පස්වරුවේ රැස්වේ
Saturday, 02 May 2020 - 15:00 | Views - 624
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර, තවත් සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ සැලසුම් කළ පරිදි මැතිවරණය ජුනි 20 පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇති බවයි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීමට අදාළව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් මේ වනවිටත් අදහස් විමසා ඇති අතර එය ඉදිරි සතියේදී කොමිෂන් සභාව වෙත ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ.
අද පෙරවරුවේ ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් විවිධ මත පළ කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මැතිවරණය පැවැත්විය යුතු බවට ඇතැම් පක්ෂ සඳහන් කර ඇති අතර තවත් පක්ෂ කිහිපයක් මැතිවරණය නොපැවැත්විය යුතු බවට මෙහිදී මත පළ කර තිබෙනවා.
Share This Article