ප්‍රදේශ රැසකට හෙට දිනයේත් උණුසුම් කාලගුණයක්
Saturday, 02 May 2020 - 14:39 | Views - 853
නැගෙනහිර, වයඹ, උතුරුමැද, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා.
මේ අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article