වසා දැමුණු ඉතාලිය යළි විවෘත කිරීම සඳුදා ඇරඹේ
Saturday, 02 May 2020 - 13:41 | Views - 1,306
කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ යුරෝපා රට වන ඉතාලිය වසා දැමීමේ සීමාවන් ඉවත් කිරීම සඳුදා සිට ආරම්භ වනවා.
මාස දෙකක කාලයක් ක්‍රියාත්මක වූ ලොව දීර්ඝතම නිරෝධායන සමය මෙලෙස අවසන් වන්නේ නව ආසාදන රැල්ලක් වැළැක්වීමට එය ප්‍රමාණවත් ද යන්න අවිනිශ්චිතව තිබියදියි.
කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පුද්ගලයන් 28,000කට වැඩි පිිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකයි.
කොවිඩ් - 19 ගෝලීය වසංගතයෙන් ජනතාවට ඇති වූ දුෂ්කරතා පිළිබදව ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි ජනතාවගෙන් සමාව අයැද සිටියා.
මේ අතර, රට වසා දැමීමේ සීමාවන් තවත් සති දෙකක් දීර්ඝ කළ ඉන්දියාව දැඩි සීමාවන් ඉවත් කිරීමේ තුන් වන අදියර ආරම්භ කිරීමට සූදානම්.
ඒ යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සියයට 33ක සේවකයන් සහිතව යළි කටයුතු ආරම්භ කරන අතර, අඩු අවදානම් සහිත හරිත සහ තැඹිලි කලාපවල මත්පැන් අලෙවිසැල් ද විවෘතව තැබීමට අවසර හිමි වනවා.
Share This Article