වසා දැමුණු ඉතාලිය යළි විවෘත කිරීම සඳුදා ඇරඹේ
Saturday, 02 May 2020 - 13:41 | Views - 1,307
කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ යුරෝපා රට වන ඉතාලිය වසා දැමීමේ සීමාවන් ඉවත් කිරීම සඳුදා සිට ආරම්භ වනවා.

මාස දෙකක කාලයක් ක්‍රියාත්මක වූ ලොව දීර්ඝතම නිරෝධායන සමය මෙලෙස අවසන් වන්නේ නව ආසාදන රැල්ලක් වැළැක්වීමට එය ප්‍රමාණවත් ද යන්න අවිනිශ්චිතව තිබියදියි.

කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පුද්ගලයන් 28,000කට වැඩි පිිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකයි.

කොවිඩ් - 19 ගෝලීය වසංගතයෙන් ජනතාවට ඇති වූ දුෂ්කරතා පිළිබදව ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි ජනතාවගෙන් සමාව අයැද සිටියා.

මේ අතර, රට වසා දැමීමේ සීමාවන් තවත් සති දෙකක් දීර්ඝ කළ ඉන්දියාව දැඩි සීමාවන් ඉවත් කිරීමේ තුන් වන අදියර ආරම්භ කිරීමට සූදානම්.

ඒ යටතේ රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සියයට 33ක සේවකයන් සහිතව යළි කටයුතු ආරම්භ කරන අතර, අඩු අවදානම් සහිත හරිත සහ තැඹිලි කලාපවල මත්පැන් අලෙවිසැල් ද විවෘතව තැබීමට අවසර හිමි වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top