නිරෝධායන නීති උල්ලංගණය කළ මාතර පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Saturday, 02 May 2020 - 13:35 | Views - 2,447
නිරෝධායන නීති උල්ලංගණය කිරීමේ චෝදනාව මත මාතර පොලීසියේ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, මාතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාගේ සහ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාරගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.
ඒ අනුව ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මොහු කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති මීගමුව ප්‍රදේශයේ කාන්තාවක් මාතරට ගෙන්වා ගෙන කැකනදුර - තලල්ල ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇය සමඟ සබඳතා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ සැරයන්වරයා සහ කාන්තාව මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
Share This Article