තම පෙම්වතිය හා ඇගේ කුඩා පුතුන් දෙදෙනා අවසන් ගමන් යැවූ හිත්පිත් නැති පෙම්වතෙක්, ඇමරිකාවේ ප්‍රාන්තයක් කැළඹූ ඝාතකයාට වුණ දේ මෙන්න
Saturday, 02 May 2020 - 13:33 | Views - 1,548
තම පෙම්වතිය හා ඇගේ කුඩා පුතුන් දෙදෙනා ඝාතනය කර කැලිෆෝනියාවේ කාන්තාරයක දමා ගිය අපරාධකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

35 හැවිරිදි ලුවී ගේබ්‍රියෙල් ලුසෙරේ නම් මෙම ඝාතකයා අතින් මැරුම් කෑ පෙම්වතිය නමින් අර්ලින්ඩා විලාරියල්.
 
ඇගේ දරුවන් දෙදෙනා 12 හැවිරිදි සහ 9 හැවිරිදි වියේ පසුවුණා.
 
බ්‍රහස්පතින්දා දිනයේදී කොලරාඩෝහි ඊගල් කවුන්ටිහිදී මෙම ඝාතන සිදුකළ අපරාධකරුවා පොලිසියට කොටු වූ බවයි ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ.
 
මෙම ඝාතනය සිදුකළේ කෙසේ ද යන්න බලධාරින් විසින් මාධ්‍යයට හෙළි කර නැහැ.
 
අර්ලින්ඩා විලාරියල් ගේ පෙර සැමියා (දරුවන්ගේ පියා) මෙම සිදුවීමෙන් කම්පනයට පත්ව සිටින බව සඳහන්.
 
අර්ලින්ඩා, ලුසෙරේ සමඟ වසරක් තිස්සේ හාදකම් පවත්වා ඇති බවද වාර්තා වනවා.
 
ඇගේ මරණයට පෙර ඡායාරූප කිහිපයක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ අතර අවසන් ඡායාරූපයේ ඇය තම දරුවන් සහ බල්ලෙකු සමඟ වාඩවී සිටින අයුරු දැක්වෙනවා.
 
ඇය ඇගේ පෙම්වතාගේ නම ඇගේ වම් අතේ පච්චා කොටා තිබූ බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා.
 
මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු තවමත් හෙළි කර නොමැති අතර ලුසෙරේ සමඟ විවාහ වීමට සැලසුම් කර තිබූ ඇයට ඔහු අතින් මැරුම් කෑමට වූ හේතුව තවමත් අභිරහසක්.
 
Dailymail ඇසුරිනි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top