ආක්ටික් ඕසෝන් සිදුර වැසේ
Saturday, 02 May 2020 - 13:23 | Views - 1,135
පෘථිවියේ උත්තර ධ්‍රැවයට ඉහළින් වායුගෝලයේ දක්නට ලැබුණු දැවැන්ත ඕසෝන් සිදුර මේ වන විට මුළුමනින්ම වැසි ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය නිවේදනය කළා.
2011 වසරේ සිට මෙම ආක්ටික් ඕසෝන් සිදුර වාර්තාගත ලෙස පුළුල් වෙමින් පැවතුණා. මෙම ඕසෝන් වියෝජනකාරක මගින් උතුරු අර්ධගෝලයේ වසන්ත සමයේ දසුන් මැවූ අතර, ශීත ඍතුවේ අසාමාන්‍ය වූ අධික ශීතල එහි තවත් ප්‍රතිඵලයක්.
කෙසේ නමුත්, ඕසෝන් සිදුර වැසී ඇති බැවින් දැන් සාමාන්‍ය තත්ත්වයක් දක්නට ලැබෙන බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රකාශිකා ක්ලෙයාර් නුලිස් ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, කොවිඩ් - 19 ගෝලීය වසංගතය නිසා මිනිස් ක්‍රියාකාරකම් සහ පරිසර දූෂණය අවම වීම මෙලෙස ඕසෝන් සිදුර වැසී යාමට බලපා නොමැති බව ඇගේ අදහසයි.
Share This Article