බස්නාහිර සිර වූ පිරිස් ගම්බිම් වෙත යවන මෙහෙයුම ඇරඹේ
Saturday, 02 May 2020 - 13:20 | Views - 1,682
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් එම ප්‍රදේශයන් හි තැපැල් කාර්යාල සඳුදා විවෘත නොකරන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි තැපැල් කාර්යාල විවෘත කෙරෙන බවයි.

කෙසේ වෙතත්, තැපැල් කාර්යාල හරහා සෙසු දිස්ත්‍රික්කවල ද ඖෂධ බෙදාහැරීමේ කටයුතු පමණක් සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.  

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළා.

එමගින් සඳහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වන්නේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලූ‍යම 5.00 දක්වා බවයි.

කෙසේ වෙතත්, මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලූ‍යම 5.00 දක්වා එම දිස්ත්‍රික්කවල දිගටම ක්‍රියාත්මකව පවතිනු ඇති.

මේ අතර, හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බැවින් ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් සෙවීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදා වැටලීම් සිදුකරන බවයි.

මේ අතර බස්නාහිර පළාතේ සිරවී සිටින තෝරාගත් පිරිසක් ගම්බිම් වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු අද ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ ගැබිණි මාතාවන්, දීර්ඝ කාලීන රෝගීන් සහ කුඩා දරුවන් ඇතුළු 370 දෙනෙකු මූලික වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව පිටත් කර යවා  තිිබෙනවා.

ඒ. පෑලියගොඩ - විජයකුමාරතුංග ක්‍රීඩාංගණයෙන්.

දිස්ත්‍රික්ක 23ක් සඳහා මෙම පිරිස් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්  රථවලින් පොලිස් ආරක්ෂාව යටතේ යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් දින 14ක කාලයක් සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top