නිරෝධායනයට ආයුර්වේද වෛද්‍ය සහය ලබා ගැනීම ගැන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
Saturday, 02 May 2020 - 13:19 | Views - 1,208
නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථාන තම භාරයට පත්කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය දා සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටත්ව ගියා. ඒ අනුව, සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 162 දක්වා ඉහළ යනවා.

නව ආසාදිතයන් 25 දෙනෙකු ඊයේ හඳුනා ගැණුනු අතර මුළු ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 690 සීමාවේ පවතිනවා.

ඊයේ වාර්තා වූ රෝගීන් පිළිබදව සහ පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා වන මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අදහස් පළ කළා.

ඒ අනුව ඊයේ වාර්තා වූ රෝගීන් 25 දෙනාගෙන් 18ක් නාවික හමුදා සෙබලූන් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, කොරෝනා වැළදී සුව වූ පුද්ගලයින් යළි සමාජගත වීමේදී  ඔවුන්ට සමාජයෙන් අඩු සැලකිල්ලක් නොදක්වන ලෙස මෙරටින් වාර්තා වී සුවය ලැබූ පළමු කොරෝනා රෝගියා වන මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ ඉල්ලීමක් කළා.

මේ අතර, ලබන 4,5 සහ 6 යන දිනයන් බදුල්ල ප්‍රදේශයට කොරෝනා බලපෑම පිළිබදව තීරණාත්මක වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුසිත ගුණතිලක පෙන්වා දෙනවා.

ඔහු කියා සිටියේ පසුගිය මස 22 වන දා වැලිසර සිට බස් රථවලින් යන අතරතුර  නාවික හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු බදුල්ල නගරයේ විවිධ ස්ථානයන්ට ගමන් කර ඇති බව අනාවරණ වූ බැවින් තවකෙකුට වෛරසය ආසාදනය වී ඇත්නම් ඒ බව හෙළි වන අවසන් දින කිහිපය මෙම දිනයන් වන බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top