කොවිඩ් - 19 මූලාරම්භය ගැන පරීක්ෂණයකට එක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Saturday, 02 May 2020 - 11:18 | Views - 555
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සත්වයන්ගෙන් බිහිවූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සඳහා එක්වීමට චීනය තමන් වෙත ආරාධනා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශක ටාරික් ජසරෙවික් කියා සිටියේ චීන රජයේ ඇරයුම මත ජාත්‍යන්තර කණ්ඩායමක් සමඟ ඒ සඳහා එක්විය හැකි බවයි.
චීනයේ වූහාන් නගරයෙන් නව කොරෝනා වෛරසය පසුගිය වසරේ දෙසැම්බරයේ මතුවූ අතර, මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වී අවසන්.
එය වූහාන් නගරයේ වෛරස් පරීක්ෂණාගාරයෙන් අහම්බෙන් හෝ නික්මුණු එකක් බවටද ඇමරිකාව චෝදනා නගනවා.
කෙසේ නමුත් බහුතර විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ වෛරසය වූහාන් නගරයේ වනසත්ව මස් වෙළඳපොලෙන් බිහිවූ බවටයි.
Share This Article