ඊළග ලෝක බලවතා වීමේ සටනට එන ජෝටත්, ලිංගික අපචාර චෝදනා - ජෝ එය ප්‍රතික්ෂේප කරයි
Saturday, 02 May 2020 - 11:13 | Views - 599
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයෙන් තරගවැද සිටින ජෝ බයිඩන් තමන්ට කාන්තාවක විසින් එල්ලකළ ලිංගික හිංසන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මෙම චෝදනාව ඉදිරිපත් කරන ලද්දේ ටාරා රෙයිඞ් නමැති කාන්තාවක් විසින්.මෙම කාන්තාව බයිඩන් ගේ කාර්යාල සේවිකාවක වන අතර දැනට වසර 27 කට පෙර මෙය සිදුවූ බව ඇය සඳහන් කර ඇත්තේ.
තමාව බයිඩන් විසින් 1993 දී සෙනෙට් කාර්යාලයේදී බිත්තියකට සිරකර ඇඟිලි වලින් ස්පර්ශ කිරීම පමණක් සිදුකල බව ඇය පවසා තිබෙනවා. ඔහු එවකට සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කල අතර මෙම කාන්තාව එවකට 29 වන වියෙහි පසුවුවා.
බයිඩන් පවසන්නේ එවැනි සිද්ධියක් වත් කිසි දිනෙක සිදු නොවූ බවයි . බයිඩන් සෙනෙට් සභිකයකු ලෙස ද උප ජනාධිපතිවරයා ලෙසද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ හඬ නැගූ අයෙක්. මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය 2020 නොවැම්බර් මාසයේදී පැවැත් වෙනවා.
Share This Article