ඉන්දියාවෙන් දිනකදී වාර්තාගත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක්
Saturday, 02 May 2020 - 10:34 | Views - 1,577
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 2293ක් වාර්තා වී තිබෙනවා.
එය ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාවයි.
ඒ සමඟම ඉන්දියාවේ මුළු කොවිඩ් - 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 37,336 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 71ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1218ක්.
පසුගිය මාර්තු 25 වන දා සිට සමස්ත ඉන්දියාවම වසා දැමීමට නරේන්ද්‍ර මෝදි රජය පියවර ගත්තේ වෛරසයේ ව්‍යාප්තිය අවම කරලීමේ අරමුණෙන්.
එම සීමාවන් මැයි 4 වන දා අවසන් වීමට නියමිතව තිබුණ ද තවත් සති දෙකක් දීර්ඝ කිරීමට පියවර ගැනුණා.
කෙසේ නමුත්, දැඩි සීමාවන්ට යටත්ව රට යළි විවෘත කිරීමට ඉන්දියාව පියවර ගනිමින් සිටිනවා.
Share This Article