කොවිඩ් - 19 බලපෑමට ලක්වූ ව්‍යාපාරවලට සහන ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි
Saturday, 02 May 2020 - 10:32 | Views - 931
කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන ව්‍යාපාර හා පුද්ගලයන්ට සහන ලබා ගැනීම සඳහා ලබාදී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.
එවැනි පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ණය සහන සහ සියයට 4ක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ඉල්ලූම් කිරීමේ කාලසීමාව පසුගිය අප්‍රේල් 30 වන දායින් අවසන් වුණා.
කෙසේ නමුත්, එම කාලසීමාව ලබන 15 වන දා දක්වා දීර්ඝ කිරීමටයි මහබැංකුව තීරණය කර ඇත්තේ.
එමෙන්ම, වලංගු කාලය ඉක්ම ගොස් ඇති රුපියල් පන්ලක්ෂයකට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් ද මැයි 15 වන දා දක්වා වලංගු වන බවයි මහබැංකුව නිවේදනය කළේ.
Share This Article