වැලි, පස්, බොරළු ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Saturday, 02 May 2020 - 9:55 | Views - 1,375
වැලි, පස් හා බොරළු ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම ලබන 11 වන දා සිට සරල කරන ලද නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළා.
පසුගිය මාර්තු 12 වන දා නිකුත් කරන ලද අභ්‍යන්තර චක්‍රලේඛය යටතේ එම ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සිදුවන අතර, පැමිණෙන අයදුම්කරුවන් වර්තමානයේ ක්‍රියාත්මක දුරස්ථ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි.
එමෙන්ම, පවතින ආරක්ෂිත ක්‍රමවේද යටතේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේදී සේවාලාභීන් කාර්යාංශය වෙත පැමිණීම අවම කිරීමේ ක්‍රමවේද සකස් කර ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ.
ඒ පිළිබද තොරතුරු කාර්යාංශයේ ඛණිජ හිමිකම් පිළිබද අධ්‍යක්ෂවරයා හෝ අදාළ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා ඇමතීමෙන් දැන ගත හැකි වනු ඇති.
Share This Article