ඇඳිරිය මැද බේරුවල සුපිරි හෝටලයක සිටි, 79 හැවිරිදි ජර්මන් කාන්තාවට කැත වැඩක් කරපු නරුමයා අතුරුදහන්
Saturday, 02 May 2020 - 9:52 | Views - 633
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී බේරුවල හෝටලයක ලැගුම්ගෙන සිටි 79 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවකට පෙරේදා (29දා) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු අතවර කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය ආතරයිටිස් රෝගයෙන් පෙළුණු අයකු බවත් රාත්‍රියේ හෝටල් කාමරයට ආ අයකු ඇයට අතවර කොට පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.
එම කාන්තාව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා පැවසුවා.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්මකුමාර මහතා මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.
පයාගල - සුජිත් මාරියෝ
මව්බිම පුවත්පත
Share This Article