බ්‍රිතාන්‍යයේ කොරෝනා පරීක්ෂාවන් දිනකදී ලක්ෂය ඉක්මවයි
Saturday, 02 May 2020 - 9:26 | Views - 660
පසුගිය අප්‍රේල් 30 වන දා බ්‍රිතාන්‍යය කොරෝනා වෛරස් පරීක්ෂාවන් එක්ලක්ෂ 22,000ක් සිදුකළ බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍යය කොරෝනා වසංගතයෙන් මිදී නැගී සිටීමට නම් එලෙස දිනකට පරීක්ෂාවන් ලක්ෂයක් පමණ සිදුකිරීම අත්‍යාවශ්‍ය වන බවයි.
පසුගිය අප්‍රේල් 2 වන දා වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා පරීක්ෂාවන් දිනකට දස දහසක් පමණ වූ අතර, ලක්ෂයේ ඉලක්කය සැලසුම් කර ඇත්තේ එම තත්ත්වය තුළයි.
කෙසේ නමුත් ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා එක් වරකට වඩා පරීක්ෂණ සිදුකිරීමට සිදුව ඇති බව සඳහන්.
මේ වන විට බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 77,454ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 27,510ක් ලෙසයි සටහන් වන්නේ.
Share This Article