අබුඩාබියෙන් කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිකර්මයක්
Saturday, 02 May 2020 - 8:41 | Views - 3,413
ස්ටෙම් සෙල්ස් හෙවත් වර්ධක සෛල උපයෝගී කරගෙන කොවිඩ් - 19 ආසාදිතයන්ට සාර්ථක ප්‍රතිකර්මයක් එක්සත් අරාබි එමීරයේ අබුඩාබි රාජ්‍යය මගින් අත්හදා බලා තිබෙනවා.

එරට ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම ප්‍රතිකර්මය සඳහා මේ වන විට පේටන්ට් බලපත්‍රයක් ද ලබාගෙන ඇති බවයි.

අඩුඩාබි වර්ධක සෛල මධ්‍යස්ථානයේ පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් මෙම ප්‍රතිකර්මය අත්හදා බලා ඇති අතර, එය ලබාදුන් රෝගීන් 73 දෙනෙකුම සාර්ථකව සුවය ලබා ඇති බව සඳහන්.

මූලික සායනික පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇත්තේ මෙම ප්‍රතිකර්මය ආරක්ෂිත ක්‍රමවේදයක් බවයි.

එමෙන්ම, වර්ධක සෛල ලබාදුන් රෝගීන්ගේ කොවිඩ් - 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව ද නිරීක්ෂණය කර තිබෙනවා.

එමීර රජ පවුලේ සාමාජිකාවක වන හෙන්ඩ් අල් කසිමි කුමරිය ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ මෙම ප්‍රතිකර්මය තුළින් කොවිඩ් - 19 මර්දනය සඳහා අබුඩාබි රාජ්‍යයට සමස්ත ලෝකයටම සහය විය හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top