ඇමරිකාවේ ජීවිත දස දහස් ගණනක් බිලිගනිමින් සිටින මාරාන්තික කොරෝනා අස්සේ ට්‍රම්ප් පිස්සු නටයි, බුද්ධි අංශත් හෑල්ලූ කරයි
කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චිනයේ විද්‍යාගාරයකින් බව ට්‍රම්ප් තරයේ කියා සිටිනවා.
ඔහු මෙසේ පවසන්නේ වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ සිදු කරන බවට ඇමරිකනු බුද්ධි ප්‍රධානියා පවා ප්‍රකාශ කර තිබියදීයි.
ඒ අනුව ට්‍රම්ප් තමන්ගේ බුද්ධි අංශ පවා හෑල්ලුවට ලක් කරමින් සිටින ආකාරයක් දැකගත හැකියි.
වෛරසයේ ආරම්භය ගැන සඳහන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ මහජන සම්බන්ධතා අංශය බවට පත්ව ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.
වුහාන් හැර චීනයේ අනෙක් ප්‍රදේශ වලට වෛරසය පැතිර නොයාමටත් ලොව පුරා වෛරසය පැතිරීමටත් හේතුව කුමක්දැයි ට්‍රම්ප් එහිදී ප්‍රශ්න කළා.
මෙම විද්‍යාගාර න්‍යාය ප්‍රතික්ෂේප කරන චීනය ඇමරිකාවේ අදහස් තදබලව විවෙචනය කරනවා.
මේ අතර, ට්‍රම්ප්ගේ වගකීම් විරහිත පාලන තන්ත්රය පිළිබඳ විවේචනය කරමින් ඔහු හාස්‍යයට ලක් කරන විවිධ කාටූන් නිර්මාණ ද අන්තර්ජාලයේ දකින්නට ලැබෙනවා.

