තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
Saturday, 02 May 2020 - 8:23 | Views - 735
වෙන්නප්පුව වයික්කාල ප්රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඝාතනය සිදුකළ සැකකරු මේවන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article