කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව වසාදමා තිබීම නිසා රිෂී කපූර්ගේ දියණිය රිධීමාට අවමංගල උත්සවයට සහභාගිවන්නට නොහැකිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රිෂී කපූර් ලියුකේමියා රෝගයෙන් මිය ගිය අතර මුම්බායිහි රෝහලකදී මියයන විට ඔහු 67 වැනි වියේ පසුවුවා.
වසර දෙකක් තිස්සේ ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි රිෂි කපූර් හට ඔහු කැමති සියලූ දේ ලබා දෙමින් ඔහු සතුටින් තබන්නට ඔහුගේ පවුලේ සාමාජිකයන් හා වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.
ඉන්දීය සිනමාවේ ප්රවීනතම අධ්යක්ෂවරයකු වූ රාජ් කපූර් ඔහුගේ පියායි.
රිෂීගේ අවමගුල් උත්සවයට බිරිඳ නීතූ, පුත් රන්බීර්.රන්බීර්ගේ පෙම්වතිය වන ආලියා බාත්, අභිෂේක් බච්චන්, ආයන් මුකර්ජි, අනිල් අම්බානි,රිෂීගේ වැඩිමහල් සොයුරු රන්ධීර්, කරීනා කපූර්,සායිෆ් අලී ඛාන් ආදී සමීපතමයන් කීපදෙනෙකු පමණක් සහභාගී වුයේ ඉන්දියාවේ දැනට පවතින තත්වය නිසායි. ඉන්දියාව ලොක් ඩවුන් කිරීම හේතුවෙන් ඔහුගේ දියණියට පියාගේ අවසන් කටයුතු වලට මෙන්ම ඔහුගේ අවසන් මොහොතේ ඔහුත් සමග ආදරය බෙදා ගැනීමට නොහැකි වූ බවයි සදහන් වන්නේ.