නාවික සෙබළෙකුගේ ඥාතීන්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි
Saturday, 02 May 2020 - 8:02 | Views - 1,131
වැළිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබලෙක් පසුගිය 11 වැනිදා නිවාඩු ලබා වාරියපොළ - නෑටිය - මලගනේ පිහිට සිය නිවසට පැමිණ නැවත සේවයට වාර්තා කර තිබෙනවා.
අදාළ සෙබලාගේ බිරිඳගේ සහ දරුවාගේ සුව දුක් බැලීමට නිවසට පැමිණි අදාල නාවික සෙබලාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇත්තේ නාවික සෙබලාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඔහු නිවසේ සඟවාගෙන ඇති බවටත් චෝදනා කරමින්.
පහර කෑමෙන් තුවාල ලැබූ නාවික සෙබලාගේ පියා සහ සහෝදරයා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට
ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.
Share This Article