කාලය අපතේ නොහැරි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Saturday, 02 May 2020 - 7:36 | Views - 874
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛසරය මර්දනය කිරීමේ ගෝලීය ක්‍රියාමාර්ගවලදී කාලය අපතේ හැරීමක් සිදුනොකළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 30 වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් - 19  වෛරසය පිළිබඳ ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි.

ඒ වන විට චීනයෙන් පිටත වාර්තා වී තිබුණේ ආසාදිතයන් අසූ දෙදෙනෙකු පමණක් වන අතර, චීනයෙන් පිටත කොරෝනා මරණ ද වාර්තා වී තිබුණේ නැහැ.

ඒ අනුව ලෝකයේ සෙසු රටවලට ක්‍රියාත්මක වීම සඳහා ප්‍රමාණවත් කාලයක් පැවති බව ද ඔහු අවධාරණය කළා.

ලොව පුරා කොවිඩ් - 19 ආසාදිත සංඛ්‍යාව මේ වන විට තිස් හතර ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව ද දෙලක්ෂ 39,500කට අධිකයි.

ඒ අතරින් කොවිඩ් - 19  මරණ 65,753ක් සහ ආසාදිතයන් එකොලොස් ලක්ෂ 31,000ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

මේ අතර, කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව පනවා තිබූ සීමාවන් තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.

පසුගිය මාර්තු 25 වන දා සිට ක්‍රියාත්මක වූ එම සීමාවන් දින 21ක කාලයකට පසුව යළි දීර්ඝ කර තිබුණේ මැයි 4 වන දා දක්වායි. කෙසේ නමුත්, වෛරස් ආසාදනය පාලනය කර ඇති ප්‍රදේශ පාර්ශවීය වශයෙන් විවෘත කිරීමට ද ඉන්දියාව පියවර ගනු ලබනවා.

නව රෙගුලාසි යටතේ ඉන්දියානුවන්ට රාත්‍රී 7 සිට උදෑසන 7 දක්වා අත්‍යාවශ්‍ය කරුණකට මිස නිවසින් නික්මිය නොහැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top