කාලය අපතේ නොහැරි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Saturday, 02 May 2020 - 7:36 | Views - 875

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛසරය මර්දනය කිරීමේ ගෝලීය ක්‍රියාමාර්ගවලදී කාලය අපතේ හැරීමක් සිදුනොකළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 30 වන දා ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් - 19 වෛරසය පිළිබඳ ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි.
ඒ වන විට චීනයෙන් පිටත වාර්තා වී තිබුණේ ආසාදිතයන් අසූ දෙදෙනෙකු පමණක් වන අතර, චීනයෙන් පිටත කොරෝනා මරණ ද වාර්තා වී තිබුණේ නැහැ.
ඒ අනුව ලෝකයේ සෙසු රටවලට ක්‍රියාත්මක වීම සඳහා ප්‍රමාණවත් කාලයක් පැවති බව ද ඔහු අවධාරණය කළා.
ලොව පුරා කොවිඩ් - 19 ආසාදිත සංඛ්‍යාව මේ වන විට තිස් හතර ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව ද දෙලක්ෂ 39,500කට අධිකයි.
ඒ අතරින් කොවිඩ් - 19 මරණ 65,753ක් සහ ආසාදිතයන් එකොලොස් ලක්ෂ 31,000ක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
මේ අතර, කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා ඉන්දියාව පනවා තිබූ සීමාවන් තවත් සති දෙකකින් දීර්ඝ කර තිබෙනවා.
පසුගිය මාර්තු 25 වන දා සිට ක්‍රියාත්මක වූ එම සීමාවන් දින 21ක කාලයකට පසුව යළි දීර්ඝ කර තිබුණේ මැයි 4 වන දා දක්වායි. කෙසේ නමුත්, වෛරස් ආසාදනය පාලනය කර ඇති ප්‍රදේශ පාර්ශවීය වශයෙන් විවෘත කිරීමට ද ඉන්දියාව පියවර ගනු ලබනවා.
නව රෙගුලාසි යටතේ ඉන්දියානුවන්ට රාත්‍රී 7 සිට උදෑසන 7 දක්වා අත්‍යාවශ්‍ය කරුණකට මිස නිවසින් නික්මිය නොහැකියි.
Share This Article