කිම් ජොං අන් යළි මතුවෙයි
Saturday, 02 May 2020 - 7:34 | Views - 4,075
ලොවම ආන්දෝලනයට පත් කරමින් දින 20ක කාලයක් ජනතා ඇසින් ඉවත්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොං අන් නැවතත් ප්‍රසිද්ධියේ පෙනී සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළා.
උතුරු කොරියානු රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව ප්‍රකාශ කළේ කිම් ජොං අන් පොහොර කම්හලක් විවෘත කිරීම සඳහා පීත්ත පටියක් කපමින් එක්වූ බවයි.
එහිදී ජනතාව ඉමහත් පී‍්‍රති ඝෝෂා නැගූ බව ද එමගින් සඳහන් කළා. පසුගිය අප්‍රේල් 12 වන දායින් පසු උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර, ඒ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ලොව පුරා කුකුසක් මතුවුණා.
එහිදී පළ වූ එක් මතයක් වූයේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙලෙස හුදෙකලා වී සිටින බවයි.
Share This Article