ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා අද සහ හෙට විශේෂ වැටලීම්
Saturday, 02 May 2020 - 7:24 | Views - 694
ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අද සහ හෙට දිනවලදී විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, ඇඳිරි නීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 43,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,246 ක්.
Share This Article