කිම්ගේ මරණය, සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි - දකුණු කොරියානු මාධ්‍ය සිදු කළ නවතම හෙළිදරව්ව
Friday, 01 May 2020 - 21:40 | Views - 3,090
කිම් ජෝන් අං අභාවප්‍රාප්තවී ඇති බවට මෙම සතිඅන්තයේදී උතුරු කොරියාව ප්‍රකාශයට පත් කරනු ඇතැයි වි‌දේශ මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු කොරියානු මාධ්‍ය ආයතනයක් වන Yonhap වාර්තා කළේ, කිම් පසුගිය සති අන්තයේදී හෘද සැත්කමෙන් අනතුරුව මිය ගොස් ඇති බවටයි.
 
කිම්ගේ සහෝදරිය ඊළග අනුප්‍රාප්තිකයා තීරණය කිරීමට රහසිගත සාකච්ඡා කිහිපයක් ද පවත්වා ඇති බව සදහන්.
 
පසුගිය අප්‍රේල් 11 වනදායින් සිට උන් ප්‍රසිද්ධියේ පෙනි නොසිටීම මෙහ්තුවෙන් ඔහු මිය ගොස් ඇති බවට මාධ්‍ය කිහිපයක්ම පුවත් වාර්තා කළා.
 
පාලන පක්ෂය විසින් මේ දක්වා තම නායකයා ජීවතුන් අතර සිටින බවට නිශ්චිත සාක්ෂි ඉදිරිපත් නොකර ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ.
 
කිම්ගෙන් අනතුරුව පාලකයා තවමත් ප්‍රකාශයට පත් නොකර තිබීමත්, ඔහුගේ සහෝදරිය නිතරම දේශපාලන සාකච්ඡා සදහා එක්ව සිටි බැවින් ඇය ඉදිරියේ රටේ පාලිකාව ලෙස පත්වනු ඇති බවටයි වාර්තා වන්නේ.
 
එරට කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩලයේ විකල්ප සාමාජිකාවක් ලෙස ද ඇයව නම් කර තිබුණා.
 
උතුරු කොරියාව ලොව වඩාත් රහසිගත රට වන අතර ඒකාධිපතිවරයාගේ පවුල සම්බන්ධයෙන් වන තොරතුරු සත්‍යාපනය කළ නොහැකි බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.
 
පියා මිය යාමෙන් පසු කිම් ජෝන් උං නායකත්වයට පත් වූ අතර 2010 සිට එරට පාලනය කළා.
 
උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සං 1948 සිට 1974 දක්වා එරට පාලනය කළා. ඉන්පසු පාලකයා වූ ඔහුගේ පුත්‍රයා වන කිම් ජෝන් ඉල් 2010 දක්වා කොරියාවේ පාලකයා වූවා.
 
ජෝන් අං ගේ ප්‍රතිරූපය ගොඩනැගීම පිටුපස සිටියේ ඔහුගේ සහෝදරිය බව විශ්වාස කෙරෙනවා.
 
කෙසේ වෙතත්, කිම් ජොන් ගැන පැතිර යන කටකතා මධ්‍යයේ එක්සත් ජනපදය විසින් ඔත්තු ගුවන් යානා පහක් උතුරු කොරියාවට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
බීච්ක්‍රොෆ්ට් ආර්සී -12 ගාර්ඩ්‍රේල් ගුවන් යානා තුනක් සහ ඊඕ -5 සී 'Crazy Hawk' යානාවන් මේ අතර වන බවයි ඩේලිමේල් වෙබ් අඩවිය සඳහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top