ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට හෙට සහ අනිද්දා විශේෂ වැටලීම්
Friday, 01 May 2020 - 21:36 | Views - 595
ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සහ අනිද්දා දිනවලදී විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, අත්අඩංගුවට ගත් ගිනිගත්හේන - අඹගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් පානය කරමින්, ඔට්ටුවට සූදු ක්‍රීඩා කළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු 08 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

වටවල සහ ගිනිගත්හේන පොලීසි මගින් සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය සහ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන්.

එසේම, කළුතර - වැලිපැන්න - මඩවලදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑමයක් අද අලූයම පොලිස් භාරයට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ කළුතර කොට්ඨාශ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 700ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් රැදී සිටි මඩවල ප්‍රදේශයේ නිවෙසක තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 300ක්, මත් කරල් 450ක් සහ මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ රිවෝල්වරයක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

මේ අතර, සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top