ඉන්දියාව වසා දැමීම තවත් සති දෙකකට දීර්ඝ කරයි
Friday, 01 May 2020 - 21:24 | Views - 643
කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදායි.

කෙසේවෙතත් වෛරසය පැතිර යාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇති.

කොරෝනා වෛරසයේ පැතිර යාම අනුව ඉන්දියාව රතු තැඹිලි සහ කොළ වර්ණවලින් කලාප තුනකට වෙන්කර තිබෙනවා.

එම කලාප තුනෙන් රතු කලාපය හැර අනෙක් කලාප දෙකෙහි සීමා සහිතව ඇතැම් ක්‍රියාකාරකම්වලට අවසර ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේවන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.

9063 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top