ඉන්දියාව වසා දැමීම තවත් සති දෙකකට දීර්ඝ කරයි
Friday, 01 May 2020 - 21:24 | Views - 644
කොරෝනා වෛරසයේ පැතිරයාම හේතුවෙන් ඉන්දියාව තවත් සති දෙකක කාලයකට වසා දමන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
මීට පෙර ඉන්දියාව වසා දමා තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ ලබන 4 වනදායි.
කෙසේවෙතත් වෛරසය පැතිර යාම හමුවේ එදින සිට තවත් සති දෙකක කාලයක් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබීමටයි තීරණය වී ඇත්තේ.
ඒ අනුව මෙම මස 17 වනදා දක්වා තවදුරටත් ඉන්දියාව සම්පූර්ණයෙන් වසා තැබෙනු ඇති.
කොරෝනා වෛරසයේ පැතිර යාම අනුව ඉන්දියාව රතු තැඹිලි සහ කොළ වර්ණවලින් කලාප තුනකට වෙන්කර තිබෙනවා.
එම කලාප තුනෙන් රතු කලාපය හැර අනෙක් කලාප දෙකෙහි සීමා සහිතව ඇතැම් ක්‍රියාකාරකම්වලට අවසර ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේවන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 35365ක් වාර්තාවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1152ක්.
9063 දෙනෙකු ප්රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Share This Article